ස්ට්රෝබටයක් දිගේ දිව එන
තැඹිලි පැහැ සීනි මිශ්රිත දියරය
රතු පැහැති දිව තෙත් කරන....
පැණිරසින් මා මත් කරන...
සුදු පැහැති බටයක කොනින් පිලිපන
අළු පැහැති වලාරොද
කරදාසි කොලවලට
මැජික් පුළුවන් බව කියාදෙන
අතීතය සිතුවම් පටක් කොට පෙන්වන...
දුඹුරු පැහැ තව දියරයක් ඇත
සිරුර ගිනියම් කරවන
ගල් ගැහුනු හදවත
ගිනි අවුලවන....
සියල්ලම
මරණයට යන පාර පෙන්වන
මරණය හරිම මිහිරි වනු ඇත...
මරණය ඇත්තටම මිහිරි ද??? නැවත ඉපදීමක් නැත්නම් මිහිරි.. ඒත් එහෙම නැනේ..
ReplyDeleteලස්සන කවියක්..
නෑ නෑ මේකෙන් කියන්නේ කවිය ලියන කෙනාට මරණය කරා තමන් ගෙන යන දේවල් මිහිරි විදිහට පේන නිසා මරණයත් මිහිරිවට පේනවා ඇති කියලා.:D
Deleteඈහ්................ මෙයත් දන්න දේවල්.
ReplyDeleteදන්නා දෙය දන්නා බව දනිමි...;)
Deleteඔයා වතුරයි, කොලකෑදයි, විතරක් බොනවා කියලා, අපි මොනා කරන්නද?
ReplyDeleteමම නොබොන දේවල් බොන අයට තමයි ඉතින් මේක ලියුවෙ....:P
Delete"මිහිරි මරණය "
ReplyDeleteහරිම සුන්දර වචනයක් නේද ?
අනේ මන්දාය...ඔය මොනවා කියුවත් මම නම් මරණයට හරිම බයය....;)
Deleteමතට තියමුද කොමාවක් නැතුව තිතක්????
ReplyDeleteතිතට මතක්ද???;)
Deleteජීවිතය තිත්ත උන
ReplyDeleteමං වගේ උන්ට
දැනෙයි හැමවිටම
මරණය මිහිරි වග....
මෙකෙ අදහස නම් මට තෙරුනා, කතාවනම් 100%ක් ඇත්ත......හි හ් හි (තැබිලි පාට දියරය ෆැන්ටා-දුබුරු පාට දියරය අරක්කු) ....මම නම් මරණය හිතන්නේ හරිම මිහිරි දෙයක් කියලා, ජිවත් වෙන එක තමයි අමාරුම, මටත් කිහිප විටක්ම මරණය ලඟටම ඇවිත් මඟ ඇරුනා, එත් බයක් දැනුනේ නෑ, මම කියවපු ටිබෙට් බෞද්ධ පොතක තිබුනා "පවු නොකල කෙනාට මරණය කියන්නේ මධු සමයක්" කියල......
ReplyDeleteදුබුරු පාට දියරය තමා මරු !
ReplyDeleteඅනිත් ඒවා නම් එපා !
අපූරුයි අක්කෝ....
ReplyDelete