මම ලියන දෑ කියවන්න කැමති අය...

Thursday, August 16, 2012

මිහිරි මරණය

ස්ට්‍රෝබටයක් දිගේ දිව එන
තැඹිලි පැහැ සීනි මිශ්‍රිත දියරය
රතු පැහැති දිව තෙත් කරන....

පැණිරසින් මා මත් කරන...

සුදු පැහැති බටයක කොනින් පිලිපන
අළු පැහැති වලාරොද
කරදාසි කොලවලට
මැජික් පුළුවන් බව කියාදෙන
අතීතය සිතුවම් පටක් කොට පෙන්වන...


දුඹුරු පැහැ තව දියරයක් ඇත
සිරුර ගිනියම් කරවන
ගල් ගැහුනු හදවත
ගිනි අවුලවන....


සියල්ලම 

මරණයට යන පාර පෙන්වන
මරණය හරිම මිහිරි වනු ඇත...

14 comments:

  1. මරණය ඇත්තටම මිහිරි ද??? නැවත ඉපදීමක් නැත්නම් මිහිරි.. ඒත් එහෙම නැනේ..
    ලස්සන කවියක්..

    ReplyDelete
    Replies
    1. නෑ නෑ මේකෙන් කියන්නේ කවිය ලියන කෙනාට මරණය කරා තමන් ගෙන යන දේවල් මිහිරි විදිහට පේන නිසා මරණයත් මිහිරිවට පේනවා ඇති කියලා.:D

      Delete
  2. ඈහ්................ මෙයත් දන්න දේවල්.

    ReplyDelete
    Replies
    1. දන්නා දෙය දන්නා බව දනිමි...;)

      Delete
  3. ඔයා වතුරයි, කොලකෑදයි, විතරක් බොනවා කියලා, අපි මොනා කරන්නද?

    ReplyDelete
    Replies
    1. මම නොබොන දේවල් බොන අයට තමයි ඉතින් මේක ලියුවෙ....:P

      Delete
  4. "මිහිරි මරණය "
    හරිම සුන්දර වචනයක් නේද ?

    ReplyDelete
    Replies
    1. අනේ මන්දාය...ඔය මොනවා කියුවත් මම නම් මරණයට හරිම බයය....;)

      Delete
  5. මතට තියමුද කොමාවක් නැතුව තිතක්????

    ReplyDelete
  6. ජීවිතය තිත්ත උන
    මං වගේ උන්ට
    දැනෙයි හැමවිටම
    මරණය මිහිරි වග....

    ReplyDelete
  7. මෙකෙ අදහස නම් මට තෙරුනා, කතාවනම් 100%ක් ඇත්ත......හි හ් හි (තැබිලි පාට දියරය ෆැන්ටා-දුබුරු පාට දියරය අරක්කු) ....මම නම් මරණය හිතන්නේ හරිම මිහිරි දෙයක් කියලා, ජිවත් වෙන එක තමයි අමාරුම, මටත් කිහිප විටක්ම මරණය ලඟටම ඇවිත් මඟ ඇරුනා, එත් බයක් දැනුනේ නෑ, මම කියවපු ටිබෙට් බෞද්ධ පොතක තිබුනා "පවු නොකල කෙනාට මරණය කියන්නේ මධු සමයක්" කියල......

    ReplyDelete
  8. දුබුරු පාට දියරය තමා මරු !
    අනිත් ඒවා නම් එපා !

    ReplyDelete
  9. අපූරුයි අක්කෝ....

    ReplyDelete